
(ළහිරු හර්ෂණ )
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානීද මැල් මහතාගේ "මානිගේ තීරුව. NOT OUT 36!" කෘතිය දොරටවැඩුම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් එළිදක්වන ස්ථානයේදී අද (29) සිදුකෙරිණි.
ග්‍රන්ථය මුල් පිට මානිගේ තීරුවේ පාඨකයකු වන රේගු නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති විපුල මිනුවම් පිටිය මහතා වෙත පිළිගැන්විය.
එම අවස්ථාවට බද්දේගම දුටුගැමුණු රජමහා විහාරාධිපති වැලිවිටියේ සුමන හිමි, දිලිත් ජයවීර, තිලංග සුමතිපාල, තිස්ස අත්තනායක ඩළස් අලහපෙරුම,යන දේශපාලඥයින් මෙන්ම පුවත්පත් කතුවරුන්, මාධ්‍යවේදීන්, සහ පාඨකයින් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට සහභාගී වූහ.





