(සුජිත් හේවාජුලිගේ)
පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
රැකියා සඳහා පැමිණීමට පළාත් අතර සංචරණ සීමා කිසියම් ලිහිල් කිරීමක් කර ඇතත් එම සහනය අවභාවිතා නොකරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.
පවතින තත්වය අනුව සෞඛ්‍ය ආරක්ෂක ලෙස කටයුතු කිරීමට පොලිසිය කියන තුරු සිටීමට අවශ්‍ය නැතැයිද යුද හමුදාපතිවරයා කීවේය

