(සුජිත් හේවාජුලිගේ )
මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය එන්නත් පිළිබඳ ස්වාධීන විද්වත් කමිටුවෙන් ඉවත්වීමට හේතුව තමා නොදන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
මලවිගේ මහත්මිය එම කමිටුවෙන් ඉවත් වී ඇතත් ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතුවලට දිගටම දායක වන බවද ඔහු ප්‍රකාශ කළේය .
ස්වාධීන විද්වත් කමිටුවේ සාමාජිකයන්ට එහි නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලබාදී ඇති බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ස්ථානයේ සාකච්ඡා කරන දේවල් ගැන එළියේ කතා කිරීම සුදුසු නැතැයිද පැවසුවේය.
එවැනි කටයුතුවලට අනුබල දීමද සුදුසු නැතැයි ඔහු ප්‍රකාශ කළේය.
හේමන්ත හේරත් මහතා මෙසේද පැවසීය .
" එන්නත් පිළිබඳ ස්වාධීන විද්වත් කමිටුව විනයක් අනුව කටයුතු කරන එකක්. එතැන අවසාන ප්‍රතිඵලය මිසක් වෙනත් දේවල් එළියට දීම සදාචාරාත්මක නැහැ .ඒ අයට එතැන නිදහසේ කටයුතු කරන්න ඉඩ තියෙන්න ඕන .ඇය ඉවත් ඉවත්වීමට හේතුව මම දන්නෙ නෑ. ඔය කියන රැස්වීමට මම එදින සහභාගි වුණෙත් නැහැ".
"නීලිකා මලවිගේ මහත්මිය එම ස්ථානයෙන් ඉවත් වුණත් අපගේ අනෙකුත් කටයුතු වලට ඇය දායක වෙනවා. අපට අවශ්‍ය රසායනාගාර සේවාවද එතුමිය දිගටම ලබා දෙනවා. ඒකෙ වෙනසක් නැහැ"

