
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දවසේ වෙඩිල්ල දැන් දවසේ ඇඬිල්ල බවට පත්වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී දිනිඳු සමන් මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.
මත්ද්‍රව්‍ය හා තහනම් උත්තේජක සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම ක්‍රීඩාවටත් ව්‍යසනයක් වෙලා තිබෙනවා.මේ තහනම් උත්තේජක නිසා දීප්තිමත් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ජීවිතය අවසන් වූ අවස්ථා අප දැක තිබෙනවා.ඒ වගේම රටකට කළු පැල්ලම් එකතු කළ ඉතිහාසයක් අප දැක තිබෙනවා.ජාත්‍යන්තර වශයෙන් තිබෙන ක්‍රීඩා සැලකිල්ල වර්ධනය කිරීමට නම් රජයක් ලෙස අප ඊට සම්බන්ධ විය යුතුව තිබෙනවා.ක්‍රීඩාව මත්ද්‍රව්‍ය පාතාලය මේ සියල්ල ඒකාබද්ධ වී ගමන් කළ යුගයක් තිබුණා.මේ රටේ ක්‍රීඩාවට වාණිජ වටිනාකමක් ලැබුණු පසු දේශපාලනය හා ක්‍රීඩාව එකට බැඳී ගිය ආකාරයක් අප දුටුවා.ක්‍රීඩා සමාජ සල්ලි වලට ගෙන දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරපු අවස්ථා අප ඕනෑ තරම් දැක තිබෙනවා. දේශපාලනයට අපරාධ ගාවපු කූටප්‍රාප්ති අවස්ථාව රාජපක්ෂ යුගයයි. අයිස්ලන්ත කුමාරයාගේ පිටිපස්සෙ ඉන්න ජුලන්පිටියේ අමරෙ ගැන අප දන්නවා.කජ්ජා ගැන සාකච්ඡාවක් එනකොට අඬන්නෙ වෙන කණ්ඩායම් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

