’’තවම දුවන්නේ පරණ බස් එක’’


 

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව පරණ බස් එක ම ඉදිරියට අරගෙන යන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ ස්වාධීන පක්ෂ එකමුතුව පැවැත්වූ  සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩ කඩ අවම මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළේය.

බොහෝ දේශපාලන පක්ෂවලට   එකතුවී  රට ගොඩනැගීම සඳහා කැපවීමක් කිරීමට තරම් පුළුල් වූ මනසක් නොමැති බවත් ජනාධිපති වරයාටද ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් නොමැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.