’’ඛනිජ තෙල් තොග ගබඩාවේ දූෂණයක්’’


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලංකා ඛනිජ තෙල්  තොග ගබඩා පර්යන්ත සමාගමේ  වෘත්තීය සමිති සාමාජිකයන් 18 දෙනෙකුට  අනීතික  ආකාරයෙන් රුපියල් 11 ලක්ෂයකට අසන්න වටිනා වැටුප් අතිකාල සහ වෙනත් දීමනා ගෙවා ඇතැයි තොරතුරු අනාවරණය වීමෙන් පසු ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

මෙම වෘත්තිය සමිති සාමාජිකයන් 18 දෙනා  දින 17ක  කාලයක් දක්වා   වෘත්තීය සමිති ප්‍රවර්ධනයට සේවයෙන් නිදහස් කර ඇතැයිද  ඔහු ප්‍රකාශ කළේය.

එම වෘත්තීය සමිති සාමාජිකයන් පිරිසට මෙසේ   අනීතිකව  ගෙවා ඇති මුදල රුපියල්  දස ලක්ෂ හැට හත්දහසකි

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභාව අවස්ථාවේ විවාදයේදීය.

එම සිද්ධිය විගණන වාර්තාවකින්ද පසුගිය කාලයේදී තොරතුරු අනාවරණය කර තිබිණි.