(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමාජයේ දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත (online safety bill) පාර්ලිමේන්තුවේදී හෙට (23) සහ අනිද්දා (24) විවාදයට ගැනීමට නියමිතය.
මේ අනුව පනත් කෙටුම්පත සම්මත කිරීම අනිද්දා (24) පස්වරුවේ සිදුකෙරේ.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බොහෝ දුරට ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.
මෙම පනත් කෙටුම්පත සලකා බැලෙන අවස්ථාවේදී සංශෝධන ගණනාවක් ඊට ඇතුළත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.

