
(සුජිත් හේවාජුලිගේ )
අස්ට්‍රාසෙනිකා එන්නත පෞද්ගලික අංශය යොදවා හෝ මිලදී ගන්නා බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.
අස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත් මාත්‍රා ලක්ෂ හයක හිඟයක් පවතින බවද රාජ්‍ය ඇමතිවරිය කීවාය.
හිඟ එන්නත් ලබා ගැනීම සඳහා රටවල් කීපයක් සමග සාකච්ඡා කරගෙන යන බව කී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එය සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තු තබාගෙන සිටින බවද ප්‍රකාශ කළාය.

