’’අපේ අයගෙන්’’ ඖෂධ මිලදී ගන්න අනුමැතිය


(අංජුල මහික වීරරත්න)

2026 වර්ෂය සඳහා දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් මිල දී ගැනීමට අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 වර්ෂය සඳහා ඖෂධ හා අනෙකුත් වෛද්‍ය සැපයීම් නිෂ්පාදනයන් 130 ක් දේශීයව මිලදී ගැනීම පිණිස දේශීය නිෂ්පාදකයින් වෙතින් අභිලාෂ කැඳවා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරන ලද කමිටුවක් මඟින් ඇගයීම් කර, නිෂ්පාදකයින් විසිහතර දෙනෙකු (24) තෝරා ගෙන ඇත.

එම නිෂ්පාදකයින් සමඟ එළඹ ඇති ගිවිසුම් 2025-12-31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව, 2026 වර්ෂය සඳහා දේශීය වශයෙන් නිෂ්පාදිත ඖෂධ හා අනෙකුත් වෛද්‍ය සැපයීම් මිල දී ගැනීමට දේශීය නිෂ්පාදකයින් වෙතින් අභිලාෂ /තාක්ෂණික යෝජනා කැඳවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.