
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තවදුරටත් මඩ ගැහීම ඉවසන්නේ නැති බව පොදුජන පෙරමුණ තීරණය කර තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"ඒ සියලු දේවල් අධිකරණයේදී බෙදා හදා ගන්න අප තීරණය කර තිබෙනවා ඒ නිසා කියන දේවල් එළියේ කියන්න.වරප්‍රසාද වලට මුවා වී පාර්ලිමේන්තුවේ ඒ දේවල් කියන්න එපා.මේ ආණ්ඩුව කාලේ ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව වුණා. ඒක තමයි කන්ටේනර් වංචාව.ජනාධිපතිතුමා විසින් පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අද වනතුරු ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ කමිටු වාර්තාවෙන් වෝහාරික විගණනයක් නිර්දේශ කර තිබෙනවා. දැන් ඒ පරීක්ෂණ කෝ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

