’’අනුර - හිට්ලර්ගේ පුනරුප්පත්තිය’’


(අංජුල මහික වීරරත්න)

අනුර දිසානායක යනු ජර්මනියේ ඇඩෝෆ් හිට්ලර්ගේ පුනරුප්පත්තිය දැයි සැකයක් හිතෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්තර උත්සවය අමතමින් පැවසීය.

ගම්මන්පිල මහතා මෙසේද කීය.

එජාපය 79 වන සංවත්සරය සමරන්නේ අපේ මව්බිමේ ඉරණම්කාරී පසුබිමකයි. මේ පැසිස්ට්වාදීන්  ආයුධ සන්නද්ධව රාජ්‍ය බලය උදුරා ගන්න හදන විට අප ඊට මුහුණ දුන්නා. ආයුධ සන්නද්ධව එන ෆැසිස්ට්වාදීන් මර්දනය කරන්න රණවිරුවන්ට සුජාත අයිතියක් තිබුණා.දේශප්‍රේමී සළු පිළි හැඳ සමාජවාදී වෙස්මුණෙන් බලය ගත්විට ඒක අපට අමුතු අත්දැකීමක්.

ඇඩෝෆ් හිට්ලර් බලයට පැමිණීමේ සහ අනුර දිසානායක බලයට පත්වීමේ අපූරු සමාන කමක් තිබෙනවා.මේ රටට මොකද වෙන්නේ කියා අවිනිශ්චිත බවක් තියෙන මොහොතක්.වෘත්තීය සමිති නායකයන්ට ජනාධිපතිතුමා තර්ජනය කරන විට අපට සිහි වන්නේ හිට්ලර්ගේ ජර්මනිය.අනුර දිසානායක කියන්නේ ඇඩෝෆ් හිට්ලර්ගේ පුනරුත්පත්තියද කියන සාධාරණ සැකය ඇතිවන විදියට එතුමා ක්‍රියා කරමින් ඉන්නවා.