’’ මම බෙංගාල බොක්ක ආක්‍රමණය කළ ජර්මානු නැවක් වගේ’’


(අංජුල මහික වීරරත්න)

"මම ගොඩක් වෙලාවට පළමු වන ලෝක යුද්ධ සමයේ බෙංගාල බොක්ක ආක්‍රමණය කළ ජර්මානු නෞකාවක්  වගේ.ඒ නිසා මට ඕනෑම අයකු ඕනෑම වෙලාවක ඉලක්ක කරන්න පුළුවන්.මොකද මම කිසිම සංවිධානයක් නියෝජනය කරන්නේ නැහැ" යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කොළඹදී ආරම්භ කෙරුණු පස්වන බෙංගාල බොක්ක සංවාදයේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

"අප මේ විදිහට මුණ ගැහෙන්නේ ඉතා තීරණාත්මක අවස්ථාවක.

මේ වන විට ඇමරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප්  විසින් අන්‍යෝන්‍ය බදු පැනවීමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.අප කැමති වුවත් අකමැති වුවත් සිස්ටම් එක වෙනස් විය යුතු බව ජනාධිපති ට්‍රම්ප්  තීරණය කර තිබෙනවා" යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා  එහිදී කීය.