’සමාජය ගොළුවන් කරන සමාජ ජාල පනත හකුලනු’


 

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘ඔන්ලයින්’ පනතට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පාර්ලිමේන්තු වටරවුම අසළ අද (23) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ.

‘සමාජය ගොළුවන් කරන සමාජ ජාල පනත හකුලනු’ යන තේමාව යටතේ පැවැති මෙම විරෝධාවයේදී ‘හොරු රකින රනිල් සත්‍යයට වැට බදී සහ නිදහස් අදහස් වාරණ පනත ඉරා දමනු’ ආදි පාඨ සටහන් කර පුවරු රැගෙන එම පිරිස විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)