(යොහාන් භාසුර)
'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසිමේ වැඩසටහනක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැත්විණි.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ කැඳවීමකට අනුව, අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, "ක්ලීන් ශ්‍රී ලංකා" සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය බලකායේ සහභාගිත්වයෙන් සාකච්ඡාව පැවති අතර, වැඩසටහන අවසාන භාගයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ද එක්වූහ.
එයට සහභාගි වූ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්, මෙවැනි වැඩසහනක් ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක් බවත්, එම වැඩසටහන තුළින් සමාජයට විශාල බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවත් සඳහන් කළේය.
වැඩසටහන පිලිබද පූර්ව දැනුවත් කිරීම් නොකර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍ය බවත් ඔවුහු පැවසූහ.
රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන ජාතික එකමුතුව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සාමූහිකය හා එම කණ්ඩායම් දෙකටම අයත් නොවන රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.