(ආරියරත්න රණබාහු , සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතාට ලබා දී තිබෙන වරප්‍රසාද වල කිසිඳු අඩුවක් නොකරන බව සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
ඒ අනුව ඒ මහතාට පසුගිය රජය ලබාදුන් නිවස ආපසු ගැනීමට කටයුතු නොකරන බවද කී සභානායකවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුගේ උපදෙස් අනුව තවදුරටත් සියලු වරප්‍රසාද ඒ මහතාට ලබාදෙන බවද කීය.
සභාපතිවරයා ඒ බව පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ආර් සම්පන්දන් මහතා.
මම 2015 සැප්තැම්බර් මාසයේදී මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත්වුණා.මට ඒ සඳහා නිවසක් ලැබුණේ 2017 වසරේදී ඊට පෙර කුලියට නිවසක් අරන් ඉන්න කියලා හිටපු ජනාධිපතිතුමත් අගමැතිතුමත් කිව්වා.නමුත් මා අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවන නිසා ඊට කැමති වුණේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් වසර 20 ක් මා සිටියේ මාදිවල මන්ත්‍රී නිවාස වල ඒකේ පඩි 60 ක් 70 ක් නගින් ඕන.දැන් මගේ වයස අවුරුදු 80 ට වැඩියි.
වත්මන් කතානායකතුමාත් හිටපු අගමැතිතුමාත් මට ඒ අයගේ කැමැත්තෙන්ම මට ආරක්ෂාව සහ අනෙකුත් කටයුතු සඳහා සේවකයින් ලබාදී තිබෙනවා විපක්ෂ නායක වශයෙන් මට ලැබුණ කාර් එක මම ධාවනය කරලා තිබුණේ කීලෝ මීටර් 2082 යි.
මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයට පත්වුණාට පසුව මම වහාම ඒ රථය විපක්ෂ නායක කාර්යාලයට බාරදුන්නා.තවදුරටත් මට පෙර මෙන් පඩි 80 ක් නගින්න කියන්න එපා මගේ වයස අවුරුදු 80ට වැඩි.
සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා
ඔබතුමාට අප ගෞරව කරනවා.ඔබතුමාට දැනට ලබාදී තිබෙන කිසිම දෙයක් ඉවත් කරන්නේ හෝ නැවත ලබා ගන්නේ නෑ.ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඔබතුමාට අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙස අප වෙත උපදෙස් දී තිබෙනවා.
ආර්.සම්පන්දන් මහතා
මේ කතාව මම කියන්න හිටියේ නැහැ.නමුත් ඇතැම් කතා ඇසුන නිසා කව්වා.ඔබට ස්තූතියි.

