(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
හිඟ බදු අය කර ගැනීම සඳහා යෝජනා ඇතුළත් වාර්තාවක් මසක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව )දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත .
මේ අතර කැසිනෝ ව්‍යාපාර හිඟ බදු වාරික වශයෙන් අයකර ගැනීම වෙනුවට සම්පූර්ණයෙන්ම කරගැනීමට ගන්නා ලද තීරණය හේතුවෙන් හිඟ බදු අය කර ගැනීමේ කාර්යය මන්දගාමී වී ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් එම කමිටුවට දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

