
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ගෙන්වීමට කතානායකවරයා එකඟ වුවත් ඔහු අද මැතිසබයට ගෙන්වා නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (4 ) චෝදනා කළේය .
බදුර්දීන් මහතා මේ සභාවට ගෙන්වීමට කතානායකවරයාගේ අත්සන අවශ්‍ය බව අදාළ අංශ දැනුම් දී ඇති හෙයින් එම අත්සන වහාම ලබාදී ඔහු ගෙන්වීමට කටයුතු කරන්නැයි ද කිරිඇල්ල මහතා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය .
තමා මේ සම්බන්ධයෙන් කතානායකවරයාට චෝදනා නොකරන බවත් රිෂාඩ් බදුර්දීන් මහතා මැතිසබයට ගෙන්වීමට ඔහු පක්ෂ නායක රැස්වීමේදී දෙවරක් නොසිතා එකඟ වූ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය .
මෙහිදී අදහස් දැක්වූ කතානායකවරයා තමා ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන බව දැන්වීය .

