(චමිල් රූපසිංහ)
රට,ජාතිය ,ආගම ,සිරිත් විරිත් සහ පරිසරයට ගරු කරන පුද්ගලයෙක් ජනාධිපති ලෙස පත්විය යුතු බවත් මෙම ප්‍රතිපත්ති වලට ගරු කරණ පුද්ගලයෙකු තෝරාපත් කරගැනීමට ජනතාව 16 වැනිදාට තීරණයක් ගතයුතු බවත් ශ්‍රී ලංකාවේ ආදිවාසි නායක විශ්ව කිර්ති ඌරුවරිගේ වනින්ල ඇත්තන් පැවසීය.
ආදිවාසි නායකයා මේ බව පැවැසුවේ අද (07) විජයග්‍රාහි ජාතික සංවිධානයේ සභාපති ඇතුලු පිරිසක් ආදිවාසි නායකයා හමු වූ අවස්ථාවේදීය.
එහිදී ආදිවාසි නායකයා මෙසේ පැවැසීය.
‘‘ජනාධිපතිවරණයේ රැස්වීම් හැමතැනම තියෙනවා. ඒවට ජනතාව එනව. ඒ සහභාගීත්වය විතරයි. ඒ ජනතාව ඒවට සහභාගිවන ක්‍රම තියෙනවා. හැම පක්ෂයකම ක්‍රම තියෙනව ජනතාව ඒවට සහභාගි කරවගන්න. නමුත් ඒ අයගෙ හිත තුළ තියෙන දේ තවම අවබෝධ කරගෙන නෑ.ඒක තීරණය වෙන්නේ 16 දා පවත්වන මැතිවරණයෙන් මේ රටට ගැලපෙන්නේ කවුද කියා තේරුම් ගන්න පුළුවන්‘‘ යැයි ආදිවාසි නායකයා පවැසීය.