(සුජිත් හේවාජුලිගේ)
රාජපක්ෂවරුන්ගේ භූත ආත්ම පාර්ලිමේන්තුවේ තවමත් සැරිසරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කළේ ඒ භූත ආත්ම බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කෙසේ වෙතත් රාජපක්ෂවරුන් ජනතාව විසින් පලවා හරිනු ලැබ අවසන් බවද ඔහු සඳහන් කළේය.
නව ජනාධිපතිවරයා අරගලකරුවන් මර්දනය කිරීමට සූදානම් වන බව පැවසූ දිසානායක මහතා ඊට මුහුණ දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවද ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම මැතිවරණයකට යායුතු වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.