‘‘පරීක්ෂණ අවසන් වන තෙක් රිෂාඩ් මැතිසබයට ගේන්න එපා‘‘


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටින හෙයින් එම පරීක්ෂණ අවසන් වන තෙක් මැතිසබයට නොකැඳවන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී අද ඉල්ලීමක් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටින කිසිදු මන්ත්‍රීවරයකු අදාල විමර්ශන අවසන් වන තුරු මැති සබයට නොකැඳවිය යුතු බව ද වීරසේකර මහතා කීය.

වීරසේකර මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැඳවුම් නියෝග යටතේ සිටින රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා මැති සබයට කැඳවන්නයි ඉල්ලීමක් කළ අවස්ථාවේදී ය .