(යොහාන් භාසුර)
දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර සඳහා පැවැත්වූ සම්මුඛ පරීක්‍ෂණය සාධාරණත්වයෙන් තොර පක්‍ෂපාති එකකැයි එයට සහභාගි වූ අයඳුම්කරුවන් තිදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් මගින් දැනුම්දී තිබේ.
අමාත්‍ය මණ්ඩල ලේකම්, ප්‍රවාහන ඇමතිවරයාට සහ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට ද පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපියට එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර, ඒ. එම්. අශෝක සහ කේ. ජී. එස්. බණ්ඩාර යන මහත්වරු අස්සන් තබා තිබේ.
සම්මුඛ පරීක්‍ෂණයට පෙර ලකුණු පටිපාටිය ඉදිරිපත් නොකිරීම, සියලුම අයඳුම්කරුවන් සඳහා සමාන කාලයක් නොදීම, අයඳුම්කරුවන් විස්තර ඉදිරිපත් කිරීමේදී බාධා කිරීම සහ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සියලුම සාමාජිකයන් සම්මුඛ පරීක්‍ෂණ අවසන් වන තෙක් නොසිටීම යන අක්‍රමිකතා මෙම සම්මුඛ පරීක්‍ෂණයේදී සිදුවූ බව එම ලිපියේ සඳහන් වේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘ඒ’ ශ්‍රේණියේ ප්‍රධානියකු පත්කරන සම්මුඛ පරීක්‍ෂණය සමහර අයැඳුම්කරුවන්ට විනාඩි 10 ක පමණ කෙටි කාලයක් ලබාදීමත්, දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳව පළපුරුද්දක් නොමැති පුද්ගලයන් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයට පත්කිරීමත් අනුමත කළ නොහැකි බව ද එම අයඳුම්කරුවෝ පවසති.
ඒ හේතුවෙන් සම්මුඛ පරීක්‍ෂණය අවලංගු කර මෙතෙක් කලක් පැවැති ජ්‍යෙෂ්ඨ නිලධාරියා දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට පත්කිරීමේ ක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබේ.

