(නිමල කොඩිතුවක්කු)
ආර්ථිකය ශක්තිමත් විය යුතු ගමනේ ගිහින් මිනිසුන් මැරී වැටෙනවා නම් අපිට ආර්ථිකයත්, මිනිස්සුත් දෙකම නැතිවන බව රජය තේරුම් ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
තමන්ගේ දේශපාලන අරමුණුවලට යන්නේ නැතුව කරුණාකර දැඩි මතයෙන් ඉවත්ව යථාර්ථය තේරුම් ගෙන ජනතාව වෙනුවෙන් මේ යන ගමන පොඩ්ඩක් හෝ වෙනස් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

