‘‘තිස්සවැවේ රොන්මඩ ඉවත් කළේ චීන විමුක්ති හමුදාව නොවේ‘‘


(ඉන්දිකා රාමනායක)

තිස්සවැවේ  රොන්මඩ  ඉවත් කිරීමේ  කටයුතුවල නිරත චීන සමාගමකට අයත් සේවකයන් පිරිසක් ඇද සිටි   හමුදා නිළ ඇදුමට සමාන ඇදුම අදාල විදේශ සමාගමේ සේවකයන් භාවිතා කරන ඇදුමක් බවත්, එම සේවකයන්   මහජන චීන විමුක්ති  හමුදාවට අයත් නොවන බවත්  චීන  තානාපති කාර්යාලය සනාථ කළ බව ආරක්ෂක  අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක ලේකම්  ජෙනරාල්  (විශ‍්‍රාමික) කමල් ගුණරත්න මහතා   මේ සම්බන්ධයෙන්  ශි‍්‍ර ලංකා චීන තානාපති  කාර්යාලයෙන් කළ විමසුමකදී මේ  බව සනාථ කර ඇති බව ආරක්ෂක   අමාත්‍යාංශය පවසයි.

ඉදිරියේ දී  මෙවන් ඇදුම් ඇදීමෙන්  වළකින  ලෙසට  අදාල  ආයතනය දැනුවත්  කරන ලෙසට  ආරක්ෂක ලේකම්වරයා  චීන තානාපති කාර්යාලය  වෙත  දැනුම් දී ඇති බවද ආරක්ෂක  අමාත්‍යාංශය පවසයි.