‘‘තත්ත්ව සහතික ලැබෙන තෙක් සැක භාණ්ඩ නිදහස් කරන්නේ නෑ‘‘


(යොහාන් භාසුර)

‘ඇෆ්ලටොක්සීන්‘ නැමැති පිළිකා කාරකය බහුලව අඩංගු බවට පිළිගැණෙන පොල්තෙල් සහ වියලි මිරිස් තත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනික සමාගම්වලට මුදා හැරීම අත්හිටුවූ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප‍්‍රිය මහතා අද (12) පෙරවරුවේ පැවසීය.

බොහෝ ආනයනික භාණ්ඩ රදවාගැනීමට රේගුවේ ගුදම් පහසුකම් සීමාසහිත වීම නිසා තත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනකරුගේ ගබඩාවලට මුදාහරි බවත් ‘ඇෆ්ලටොක්සීන්‘ සහිත පොල්තෙල් ප‍්‍රශ්නය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් රවිප‍්‍රිය මහතා පැවසීය.