‘‘ජනාධිපතිවරණයට පෙර ජනාධිපති නීතිඥයින් පත් කිරීමේ සුදානමක්‘‘


(රංජන් කස්තුරි)

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට පෙර හදිසියේ ජනාධිපති නීතිඥයින් පිරිසක් පත් කිරීමේ සුදානමක් පවතින හෙයින් එම කටයුත්ත නතර කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට නියමයක් කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා මැතිවරණ  කොමිසන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.

සුදුසුකම් නොමැති සහ දේශපාලන හිතවාදී පිරිසකට මෙලෙස කඩිමුඩියේ ජනාධිපති නීතිඥධූරයන් ලබාදීමට සූදානමක් පවතින බවද ඒ සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇතැයිද මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථවේ මෙවැනි තනතුරු දීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් වන අතර ජනධිපති නීතිඥ තනතුරු පිරිනැමීම සඳහා වන මාර්ගෝපදේශ මාලාවක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කර තිබිණි.