‘‘ජනපති ජාතිය ඇමතීමේන් සිදු වුණේ අසමත්කම ප්‍රදර්ශනය වීමයි‘‘


(අංජුල මහික වීරරත්න)

දුෂ්කර කාලයේ දී ජනතාව නායකත්වය සහ අනාගතය ගැන බලාපොරොත්තුවක් ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කරන අතර ජනාධිපතිවරයා තම අඩුපාඩුකම් වසා ගැනීමට ජනතාවට දොස් පවරමින් අවාසනාවන්ත ලෙස අසමත් බව ප්‍රදර්ශනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ දේශනයෙන් කළේ ජනතා ප්‍රශ්න විසඳීම නොව අසමත්කම වසා ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කිරීම වුවත් ඇත්තටම සිදු වුයේ  අසමත්කම යළි ප්‍රදර්ශනය වීම යැයි ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි .

කොරෝනා වසංගතය නිසා වර්ධනය වන තර්ජන, කඩා වැටෙන ආර්ථිකය, පොහොර හිඟය, පාසල් අධ්‍යාපනයට ඇති බාධා සහ ජීවන වියදම ඉහළ යාම ඇතුළු රටෙි ගැටලු රාශියක් පැනනැගී තිබුනත් ජනාධිපතිවරයා මේ කිසිදු කරුණක් ගැන කතා කළේ නැති බවද එක්සත් ජාතික පක්ෂය කියයි.