(අංජුල මහික වීරරත්න)
ජීවන වියදමෙන් බැටකන ජනතාවගේ හිස මත ගෑස් හිඟයක් පටවා ආණ්ඩුව ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (28) ප්‍රකාශ කළේය.
ලාෆ් ගෑස් සමාගම වසා දමන බවට ප්‍රකාශ කර තිබියදී ආණ්ඩුව ඒ ගැන නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා පාරිභෝගිකයා දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයිද විජයවර්ධන මහතා කීවේය.
බියගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී රුවන් විජයවර්ධන මහතා සදහන් කළේ නිසි සැලසුමක් නැති රජයට එරෙහිව සියලු පාර්ශව එකතු විය යුතු බවයි.

