
(අංජුල මහික වීරරත්න)
කැළණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම ඒ පෙදෙස් වලින් ඉවත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කැළණි ගංඟා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථාන වලට මේ වන විට අධික වර්ෂා පතනයක් ලැබෙමින් පවතී. එම වර්ෂා තත්ත්වය ද, කැළණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශ වලින් පිට කරනු ලබන ජලප්‍රමාණ සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගංඟා ද්‍රෝණියේ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපක වල ජල මට්ටම විශ්ලේෂණය අනුව මේ මොහොතේ සිට ඉදිරි පැය 24 ක කාලයේ කැළණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇතිවිය නැති බවට අනතුරු අඟවනු ලැබේ.
මේ තත්ත්වයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඔබට හැකි උපරිම ආරක්ෂිත ස්ථානයක් කරා හැකි ඉක්මනින් ළඟාවන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් කොට සලකා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

