(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය ගසා තීරයේදී පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටුව පසුගියදා ප්‍රකාශ කළේය.
හමාස් සංවිධානයට එරෙහිව 2023 වසරේ ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කළ දින සිට මේ දක්වා ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියාවන් පහෙන් හතරක් ගාසා තිරයේදී ඊශ්‍රායල හමුදා සිදුකර ඇති බවට නිගමනය කිරීමට සාධාරණ හේතු ලැබී තිබෙන බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටුව පසුගියදා නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඊශ්‍රායල නායකයින්ගේ ප්‍රකාශ සහ ඊශ්‍රායල හමුදා වල හැසිරීම් රටාව, එම වාර්තාව මගින් ජන සංහාරක අභිප්‍රාය පිළිබඳ සාක්ෂි ලෙස උපුටා දක්වයි. කෙසේ නමුත් ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ ජන සංහාර වාර්තාව ප්‍රතික්ෂේප කර ඇත.
එය අසත්‍ය තොරතුරු මවා පෑමක් බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණි.