ඉරානයේ සංස්කෘතික වටිනාකමකින් යුත් ස්ථානවලට පහර දීමට ගන්නා ඕනෑම තීරණයක් “යුද අපරාධයක්” යැයි ඉරාන විදේශ අමාත්‍ය ජවාද් සරීෆ් පැවැසීය.
ඉරානයේ සංස්කෘතික ස්ථාන ඇතුළු එරටට වැදගත් ස්ථාන 52ක ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සෙනසුරාදා රාත්‍රියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන් පැය කිහිපයකට පසු ඉරාන විදේශ අමාත්‍යවරයා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.
“සංස්කෘතික ස්ථානවලට පහරදීමට සැලසුම් කිරීම යුද අපරාධයක්” යැයි ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් නිකුත් කළ එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.
ඒ.එෆ්.පී.
055

