(නිමල කොඩිතුවක්කු)
විද්‍යාව සහ ගණිතය ඇතුලු විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් තවත් විද්‍යා පීඨ දෙකක් පිහිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කියා සිටියේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවයට කොළඹ අරලියගහ මන්දිරයේදී අද (08) එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීවේය.
‘‘පහුගියදා කුලියාපිටියේ විවෘත කළ විද්‍යාපීඨයත් සමඟ මේ වනවිට විද්‍යාපීඨ 20 ක් ආරම්භ කරලා තියෙනවා. විද්‍යාව සහ ගණිතය ඇතුලු විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සඳහා තව නොබෝ දිනකින් අපි තවත් විද්‍යාපීඨ දෙකක් ආරම්භ කරනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරනවා.
අපේ සංදර්ශන නැතිවෙන්න පුලුවන් උදේ ඉඳන් මාධ්‍ය වල නොගියා වෙන්න පුලුවන් නමුත් ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකළ වැඩපිළිවෙලක් අපි අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරලා තියෙනවා.
මානව සම්පත අතින් පමණක් නෙමෙයි භෞතිකව අපි විශාල වැඩපිළිවෙලක් සිදු කරලා තියෙනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.

