(බිඟුන් මේනක ගමගේ)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වීමට අවශ්‍ය සියලු කඩදාසිත් මහේන්ද්‍රන්ටත් වඩා ලොකු මහත්වරුන්ට උසාවියේ කූඩුවට නගින්නට සිදුවන ලිපිගොනු සියල්ලත් හදා අවසන් යැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරයේ ප්‍රධාන දෙසුම කරමින් පැවැසීය.
තම පාලන කාලයේදී ආණ්ඩුවට සිදුකළ ලොකුම හූනියම මහ බැංකු කොල්ලය යැයි ද එහි වගඋත්තරකරුවන් සියලු දෙනා දේශපාලනයෙන් ඉවත් විය යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කර කීය.
පළාත් සභා මැතිවරණයක් නැවත මේ රටේ පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි කී හෙතෙම එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමේ පළමු වගඋත්තරකරු අගමැතිවරයා යැයි ද චෝදනා කළේය.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ විමසීමේදී ඒ බව තහවුරු වී යැයි ද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේය.
අද දිනයේදී මෙසේ ආරම්භ කළේ මීළඟ ජනාධිපතිවරණයේදී ජනතාව බලවත් කරන මානවවාදී ව්‍යාපාරය යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති සමග 2020 දී ආණ්ඩුව හදන්නේත් සිය පක්ෂය යැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

