‘‘5000ක් දෙන්න තීරණය කළත් තවම මුදල් ලැබී නෑ‘‘


(රංජන් කස්තුරි)

සමෘද්ධි පවුල් සහ අඩු ආදායම්ලාභී පවුල්වලට අලුත් අවුරද්දට රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කළ ද එම මුදල් සමෘද්ධි බැංකුවලට ලබාදී නැතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අවුරුද්ද නිමිත්තෙන් එම පවුල්වලට රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය හදිසියේ තීන්දු කිරීමෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරින් අපහසුතාවයට පවත්වන බවද සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පැවැසීය.

කෝවිඩ් හේතුවෙන් පීඩාවට පත් පවුල් සඳහා රුපියල් 5000 දීමනාව කාණ්ඩ 10ක් යටතේ ලබාදුන් නමුත් මෙවර කාණ්ඩ 7කට අයත් පවුල් සඳහා පමණක් මෙම දීමනාව ලබාදෙන්නැයි දැන්වීම නිසා සමෘද්ධි නිලධාරින් හා ජනතාව අතර ගැටුම් නිර්මාණය වීමට ඉඩ තිබෙන බව ද ඔහු කීය.