(අංජුල මහික වීරරත්න ආණමඩුවේ සිට)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යනු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීම සඳහා පක්ෂ බේදයකින් තොරව සම්මත කරගත් ඓතිහාසික නීතියක් යැයිද එය විවේචනය කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැත්තේ කාටදැයි ඉතා පැහැදිලිව පෙනෙන්නේයැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණමඩුවේදී අද (22) පැවැසීය.
ව්‍යවස්ථාදායක සභාව කරන පත්වීම් හෝ ප්‍රතික්ෂේප කිරීම් සම්බන්ධයෙන් හේතු දැක්වීම් නොකරන්නේ 1947 වසරේ සිට පැවතෙන අතීත සම්ප්‍රදාය අනුව බව කී අග්‍රාමාත්‍යවරයා මෙරට අධිකරණ සේවා කොමිසම මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ පත්වීම් දෙනවිට හෝ ප්‍රතික්ෂේප කරන විට 1947 වසරේ සිට කිසිඳු හේතුවක් ඉදිරිපත් නොකළ බවද කීය.
මේ තත්ත්වය වෙනස් කරන්නට ගියොත් අධිකරණ සේවා කොමිසම දෙන සෑම තීරණයකටම හේතු දෙන්නට වනු ඇතැයිද එවිට විවිධ වාද විවාද ඇතිවීම වැළැක්විය නොහැකියැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ආණමඩුව නවගත්තේගම සහ කරුවලගස්වැව සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසු ආණමඩුව රෝහල් භූමියේ පැවැති ජන රැළියේදී අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
මෙම අවස්ථාවට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න,පාඨලී චමිපික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගෙ බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර







