‘‘ කාත්තන්කුඩි පිපිරීම් අත්හදා බැලීමට පුපුරණ ද්‍රව්‍ය සැපයූ අය හඳුනා ගත්තා‘‘


(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාසික් රාසා නමැත්තා මොහොමඞ් සහරාන් ගේ සහෝදරයා වන මොහොමඞ් රිල්වාන් ට කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පිපිරීම් අත්හදා බැලීමට පුපුරන පුපුරණ ද්‍රව්‍ය  සැපයූ බව ට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය .
ත‍්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කළ විමර්ශනයකට අනුව මෙම කරුණු හෙළි වී ඇති බවත් මොහු එම පුපුරණ ද්‍රව්‍ය සඟවා තැබීම සඳහා ද උදව් උපකාර කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවට අදාළ ව කල්මුණේ පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු කල්මුණේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර පසුව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.