(යොහාන් භාසුර)
බැංකු කටයුතුවල ප්‍රශ්නයක් හේතුවෙන් ඊයේ දිනයේ ගොඩබෑමට නියමිතව තිබූ ‘සුපර් ඩීසල්’ නෞකාවේ ගොඩබෑම ප්‍රමාද වී අද පස්වරුවේ ගොඩබෑම ආරම්භ කළ බවත් ඒ හේතුවෙන් වූ ඉන්ධන බෙදාහැරීම ප්‍රමාදය ආවරණය කිරීම සඳහා රාත්‍රීයේ ද බෙදාහැරීම ක්‍රියාත්මක කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (25) පස්වරුවේ පැවසීය.
තවත් ඩීසල් නෞකාවක් අද රාත්‍රී කොළඹට ළඟාවීමට නියමිත බවත් එහි ඩීසල් තොගය නියමිත පරිදි හෙට පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කරන බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් කීය.

