‘සුදුලූනු වංචාවේ නියම වරදකරුවන්ට දඩුවම් නොදී ආණ්ඩුව නාට්‍යක‘


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

සතොස  ආයතනයේ  සුදුලුනු වංචාව සම්බන්ධ   නියම වැරැදිකරුවන්ට දඩුවම් නොකර  ආණ්ඩුව මාධ්‍යවේදීන් ඇතුළු   වෙනත් පුද්ගලයන් පසුපස යමින් නාට්‍යයක් රඟ දක්වන බව පෙනෙන්නට ඇතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

සතොස  ආයතනයේ  උඳු ,පිටි, ටින් මාළු සීනි  ගෙන්වීමට අදාළවද වංචා රැසක් සිදු වී ඇතැයි තොරතුරු හෙළිවී තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2)යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.