(ඩයනා උදයංගනී)
එළඹෙන මහ මැතිවරණයේ දී ‘පොහොට්ටුව’ ලකුණින් තරඟ කරනවාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධ නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
නමුත් මහ මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයක් අනිවාර්යයෙන් පිහිටුවිය යුතු බවත්, එහි ලකුණ ලෙස ‘පොහොට්ටුව’ යොදාගත හැකිද යන්න සම්බන්ධයෙන් නෛතික ගැටලූවක් පවතින බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
පාක්‍ෂික ජනතාව ‘පොහොට්ටුව’ ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වනවාට කැමති බව දන්නා නමුත් සන්ධානයේ පක්‍ෂයක ලකුණක් සන්ධානය වෙනුවෙන් යොදාගත හැකිද යන්න ගැටලූවක් බව මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා කීවේය.
ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා වරින් වර මතුකරන්නේ එම ගැටලූව සම්බන්ධයෙන් බව ද හෙතෙම පැවසීය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යනු එම ගොඩනගන සන්ධානයේ එක් පාර්ශවයක් පමණක් බව කී මන්ත‍්‍රීවරයා එහි ලකුණ පිළිබඳ තීරණයක් ගැනීම තම පක්‍ෂයට පමණක් කළ නොහැකි බව ද ප‍්‍රකාශ කළේය.
සියලූ පක්‍ෂ නායකයින් හා ශ්‍රී.ල.නි.ප නායකත්වය එකඟ වන ලකුණකට පක්‍ෂය එකඟ බව ද මන්ත‍්‍රීවරයා කීවේය.
නිදහස් පක්‍ෂයේ ලකුණ ‘අත’ වුවත් සන්ධානයක් ලෙස තරඟ කරන අවස්ථාවල ‘පුටුව’, ‘බුලත් කොළය’ ආදී ලකුණු යොදාගැනීමට පක්‍ෂයට සිදුවූ බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

