‘ව්‍යවස්ථාවට ගරු කරන්න මුල් පුරවැසියා ඉගෙන ගන්න ඕනෑ’



 
 
සුජිත් හේවාජුලිගේ 
 
හිටපු අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයකු පත් කිරිම ද්‍රෝහී ක්‍රියාවක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරිමට රටේ පළමු පුරවැසියා ඉගෙන ගත යුතු බවත් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය.


පාවාදීම්වලට, ද්‍රෝහිකම්වලට සීමාවක් තිබිය යුතු බව කී වියන්ගොඩ මහතා මේ පාවාදීම්වලට ද්‍රෝහීකම්වලට ජනාධිපතිවරයා කෙදිනක හෝ වන්දි ගෙවන බවද ප්‍රකාශ කළේය.


වියන්ගොඩ මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ මුලස්ථානයේ දී අද (1) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීය. 

ඡායාරූපය - ළහිරු හර්ෂණ