(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)
රෙදිපිළි ආනයනය තහනම් කර ඇතැයි ඇතැම් ජනමාධ්‍ය ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම බොරුවක් බව බතික් සහ පේෂකර්ම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පර්ලිමේන්තුවදී අද (09) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේවා විතානගේ මහතා (ස.ජ.බ)යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තමා පැවසුවේ ආනයනික මුද්‍රිත බතික් රෙදිපිළි ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් පමණක් යැයිද ඔහු කීය.
මුද්‍රිත බතික් රෙදිපිළි විශාල වශයෙන් ආනයනය දේශීය බතික් කර්මාන්තයට මරු පහරක් බව පෙන්වාදුන්අමාත්‍යවරයා,අත් යන්ත්‍ර රෙදිපිළි සම්බන්ධයෙන් ද ඉදිරියේදී එබඳුම ක්‍රමවේදයක් අනුගමනය කරන බව සඳහන් කළේය.
රෙදිපිළි ආනයනය තහනම් කරන බවට ඇතැම් මාධ්‍ය ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම ජනතාව නොමග යැවන්නක් යැයිද පැවසීය.
මෙරට බතික් නිෂ්පාදකයින් 11,000ක් පමණ සිටින බවට හඳුනාගෙන ඇතැයි බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා අමාත්‍යංශසතුව අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන සහ සැලසුම් ඇති බවදප්‍රකාශ කළේය.
සෑම දිස්ත්‍රික්කයකම එක් බතික් නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානයක් විවෘතකරන බවත්, මේ වන විටත් එවැනි ආනයන 200ක් රට පුරා පිහිටුවාඇති බවත් ඔහු කීය.ලබන වසරේ සිට බතික් කර්මාන්තය සඳහා වන අමුද්‍රව්‍ය හිඟයනැති කිරීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කිරීමට නියමිතබව දයාසිරි ජයසේකර මහතා තවදුරටත් සඳහන් කළේය.
එසේම, ප්‍රාදේශීය වශයෙන් පවත්වාගෙන යන අත් යන්ත්‍ර පේශකර්ම මධ්‍යස්ථානසමහරක් වැසී යාමට කාර්මිකයන්ගේ හිඟය, වෙළෙඳපොළ ගැටලුතාක්ෂණික ගැටලුමෙන්ම මූල්‍ය හිඟයදබලපාන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධව පළාත් සභාව සමග සමීපව කටයුතු කර තත්වය සාධනීය අතට වෙනස් කිරීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් කළේය.

