(අංජුල මහික වීරරත්න)
රාජපක්ෂ පාර්ශවයේ කිසිවකුත් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් නොදීමෙන් ඔවුන්ට මේ ක්‍රියාවලිය ගැන විශ්වාසක් නැති බව තහවුරු වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
දේශපාලනය ගණිකා වෘත්තියේ යොදවන තැනට වැඩ කරන්නන්ට ඉදිරියේ නිසි පිළිතුරු ලැබෙන බවද මන්ත්‍රීවරයා කිවේය.
අරලියගහ මැදුරේදී අද (30) පැවැති මාධ්‍ය හමුවකදී මෙය ප්‍රකාශ කළ අතර මේ සඳහා ශේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගී වුහ.
වෘත්තිය ජනහඬ උද්ඝෝෂණය සඳහා සහභාගීවිමට පැමිණි දහස් ගණනක් ජනතාව මේ වන විට අරලියගහ මන්දිරයට රැස් වෙමින් සිටිති.
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේදී උද්ඝෝෂණය ඇරැඹෙන වේලාවක් පිළිබඳ මෙතෙක් නිශ්චිත වේලාවක් ප්‍රකාශයට පත් කර නැත.