මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතාට පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අතර පැවැති දුරකතන සංවාදයකදී ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අතර පැවැති සංවාදය සාර්ථක එකක් යැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
055
‘මහින්ද අගමැති කළේ ව්‍යවස්ථාවට අනුවයි’
Recommended Articles