‘පිපිරීමෙන් අතුරුදන් වූවන් ගැන දැනුම්දෙන්න’


(ඩයනා උදයංගනී)
 
දිවයිනේ ස්ථාන කිහිපයක ඉකුත් ඉරිදා සිදුවූ පිපිරීම්වලින් පසු මෙතෙක් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි පුද්ගලයින් සිටී නම් ඒ සම්බන්ධව දැනුම් දෙන්නැයි කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා ඉල්ලීමක් කරයි. 
            
එවන් අතුරුදන් පුද්ගලයින් සිටී නම් ඒ බව කොළඹ 10, ප‍්‍රැන්සිස් පාර, අංක 111 දරණ ලිපිනයේ පිහිටි ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත පැමිණ දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලා සිටී.
            
මේ සඳහා පවුලේ ළඟම ඥාතීන් පමණක් පැමිණෙන ලෙස ද කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා දැනුම්දීමක් කරයි.