‘දුම්රිය-බස් රථ ගාස්තු වැඩිකිරීමේ සූදානමක් නැහැ’


(නිමල කොඩිතුවක්කු)

දුම්රිය හෝ බස්රථ ගාස්තු වැඩිකිරීමේ කිසිදු සූදානමක් නැතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලංකාදීපයට පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවයට පත්ව ඇති ජනතාව කිසිදු ආකාරයකින් පීඩාවට පත්කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රවාහන ගාස්තු වැඩිකරනවා වෙනුවට බස්රථ හා දුම්රිය යොදාගෙන භාණ්ඩ ප්‍රවාහනය ආදි නව ආදායම් මාර්ග සොයාගැනීමට කටයුතු කරන බවද ලොකුගේ මහතා කීය.

එමෙන්ම දුම්රිය සහ බස්රථවල වියදම් අඩුකර කාර්යක්ෂම සේවාවක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.