‘තවම හරියට ප්‍රජාතන්ත්‍රවාදය නෑ‘


(තරිඳු ජයවර්ධන)
 
ප්‍රජාතන්ත්‍රවාදය තවමත් හරියට ලැබී නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අරලියගහ මන්දිරයේදී පැවසීය.
 
ඒ මහතා මෙසේ ද කීවේය.
 
‘‘තවම මේ සටන අවසන් නෑ. අද උදෑසන 11.16ට රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිවුරුම් දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය තවම හරියට ලැබිලා නෑ.

අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීම කිසිම මාධ්‍ය ආයතනයකින් වීඩියෝ කරන්න හෝ ප්‍රචාරය කරන්නවත් අපට අවස්ථාව ලැබුණේ නෑ. 


ඒ නිසා මේ සටන තවම ඉවර වෙලා නෑ. මේ සියලු අයිතිවාසිකම් දිනා ගන්න, ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් දිනා ගන්න නම් මේ සටහන දිගටම ගෙනියන්න ඕනෑ. හෙට ගාලු මුවදොර පිටියට ලක්ෂ ගණනින් රැස්විය යුතුයි.


 හෙට සවස 1ට ගාලු මුවදොර පිටිය ජනතාවෙගන් පිරී ඉතිරී යන්න ඕනෑ. ප්‍රජාතන්ත්‍රවාදයට කැමති සියලුම දෙනාට අපි ආරාධනා කරනවා හෙට එන්න කියා.  ‘‘