‘ජනපති ඉල්ලා අස්වුණොත් කරන්න ඕනෑ දේ අපි දන්නවා‘


(අංජුල මහික වීරරත්න)


රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා පැය දෙකකින්  ජනාධිපතිවරයා ඉල්ලා අස් වු පසු  ඊළඟ ජනාධිපති අනුප්‍රාප්තිකයා කවුදැයි ඉතා පැහැදිළි බව  පාර්ලිමේන්තු මන්ත්‍රී  අජිත් පී පෙරේරා  මහතා  පැවසීය.


 ජනාධිපතිවරයා ඉල්ලා අස් වූවහොත්  එවැනි තත්ත්වයකට මුහුණ දීමට ශක්තිය එක්සත් ජාතික පෙරමුණ සතුව තිබෙන බවද  මන්ත්‍රීවරයා කීය.


අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට  කොල්ලුපිටිය පොලීසියට නියෝග දී ඇති බව කී මන්ත්‍රීවරයා  එවැනි තත්ත්වයකට මුහුණ දීමට  එක්සත් ජාතික පාක්ෂිකයන් සුදානමින් සිටින බවද  මන්ත්‍රීවරයා සඳහන් කළේය.