(ටී.කේ.ජී.කපිල )
රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වන " රක්ත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මුළින්ම කොළඹ - 02 ප්‍රදේශයේ පදිංච් 57 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව , ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව , මෙම කල්ලියේ අනෙකුත් සාමාජිකයන් තිදෙනා හදුනා ගෙන , අත් අඩංගුවට ගැනීම සමත් වී තිබුණි .
ඔවුන් අතර කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැමියා සමග සිටි 42 හැවිරිදි බිරිද මෙන්ම , කොළඹ - 15 ප්‍රදේශයේ පදිංච් ව්‍යාපාරිකයෙකු ද අත් අඩංගුවට ගෙන සිටියහ .