‘එල්. ඩී. 253’ නමින් නව වී ප්‍රභේදයක්


(සුමතිපාල දීයගහගේ)
 
ගාල්ල ලබුදූව වී පර්යේෂණායතනය ‘එල්. ඩී. 253’ නමින් නව වී ප්‍රභේදයක් ගොවීන්ට හඳුන්වා දී ඇත.
 
හෙක්ටර්යාර් එකක මෙම වී වර්ගය වගා කිරීමෙන් වී බුසල් 100කට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බව  පර්යේෂණවලදී සනාථ වී ඇතැයි එම වී පර්යේෂණායතනය  පවසයි.
 
වියළි සහ තෙත් කලාපවල මෙම වී වර්ගය වගා කළ හැකි  අතර දින 75කින් අස්වැන්න ලබා ගත හැකි බවද වී පර්යේෂණායතනය සඳහන් කරයි.
 
පළිබෝධ හානිවලට මෙන්ම රෝග කාරකයන්ට ඔරොත්තු  දෙන පරිදි වී ප්‍රභේදය නිෂ්පාදනය කර ඇත.