‘එම්සීසී ගිවිසුම සම්මත වුණොත් කිසිම රජයකට අහෝසි කරන්න බෑ’


ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් එය බලයට පත්වන කිසිදු රජයකට නැවත අහෝසි කිරිමට නොහැකි යැයි හිටපු අධිකරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.

විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (7) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කීය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන එම ගිවිසුම අත්සන් කළහොත් ජාතික ආරක්ෂාව ගැන සිතා හෝ එම ගිවිසුම අහෝසි කිරිමට නොහැකි බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.