(ටෝනි කරුණානායක)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ගනේමුල්ලේ සංජිව නැමැති සැකකරුගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘උඩුගම්පොළ අලයා’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන සැකකරුව හෙරොයින් ග්‍රෑම් 10 ක් සමඟ බස්නාහිර උතුර පළාතේ අපරාධ විමර්ශන කොට්ඨාසය නිලධාරීන් විසින් අද (5) ගම්පහ දි අත්අඩංගුවට ගනු ලැබීය.
විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් මහ අධිකරණයෙන් ඇප ලබා සිටින සැකකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ අනුදැනුම මත හෙරොයින් ජාවාරම් කිරීම මිනීමැරුම් කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ අයෙකු බව පොලිසිය පවසයි.
සැකකරුට ජාවාරම් කිරීම සඳහා හෙරොයින් ලැබෙන ආකාරය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.

